අලෙවි කිරීමට කැලයේ සඟවා තිබුණු නිදන් වස්තු රැසක් අල්ලයි

  👤  3402 readers have read this article !
By mawbima 2018-01-22

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය, අනුරාධපුරය - එරන්ද ශෂිප්‍රිය

නිධානයකින් ලබාගත් බවට සැක කරන දඹ රන් බුදු පිළිමයක් ඇතුළු නිදන් වස්තු කිහිපයක් මුදලට අලෙවි කිරීමට සූදානම් කර කැලයේ සඟවා ගෙන සිටියදී අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මිහින්තලය මහකනදරාව දකුණු ඉවුර රොටවැව කැලෑ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකක් පමණ බරින් යුතු සමාධි මුද්‍රාවේ බුදු පිළිමයක්, රන් ආලේපිත බුදු පිළිමයක්, ඉපැරැණි බවෙන් යුතුවූ රන් පැහැයට හුරු මංජුසා තුනක් හා විවිධ වර්ණයන්ගෙන් යුතු හක් බෙල්ලන් තුනක් පොලිසිය කැලෑවේ තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ භාණ්ඩ විකිණීමට රැගෙනා බවට සැක කරන පුද්ගලයන් දෙදෙනා පොලිසිය කැලෑවට ගිය අවස්ථාවේදී ඒවා දමා පලාගිය බව පොලිසිය පැවැසුවේය. නිදන් වස්තු බවට සැක කරන සියලුම භාණ්ඩ රතු පැහැති රෙදි කඩකින් ඔතා තිබූ බවත් බුදු පිළිම හා හක් බෙල්ලන් ඉතා පැරැණි බවට පෙනෙන රත් හඳුන් ගැල්වූ රන් පැහැයෙන් යුතු මංජුසාවන්හි තැන්පත් කර තිබූ බවත් පොලිසිය පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon