අඩු වියදමින් ඉන්දියාවට යන්න ඉන්ඩිගෝ ගුවන් සේවය ඇරැඹේ

  👤  3882 readers have read this article !
By mawbima 2018-01-22

කටුනායක - ගයා තිරිමාදුර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් පෙරේදා (20දා) උදෑසන සිට ආරම්භ විය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර දවසකට තුන් වරක් අඩු වියදම් ගුවන් සේවයක් ලෙස අලුතින් ඇරැඹූ ඉන්ඩිගෝ ගුවන් සේවය ක්‍රියාත්මක වේ.

මේ ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය පෙරේදා (20දා) උදෑසන 8.00ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. මේ යානයේ නියමුවා වුණේ කපිතාන් අෂීම් මිත්‍රා මහතායි. මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්විණි. මේ නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon