අත්‍යවශ්‍ය ආහාර බදු ඉහළ දමා නෑ

  👤  3689 readers have read this article !
By mawbima 2018-01-23

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය 18 වැනිදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මඟින් කිසිදු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බදු ඉහළ දමා නොමැති බවයි.

උම්බලකඩ, වියළි මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව පමණක් අදාළ ගැසට් නිවේදනය මඟින් තවදුරටත් දීර්ඝ කිරීම පමණක් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව භාණ්ඩ බදු ඉහළ යෑමක් සිදුකර නොමැති අතර ඉදිරි මාස 06ක කාලයක් සඳහා පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට එම භාණ්ඩ මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon