භූමිතෙල් අලෙවිය ගැන සංස්ථාවෙන් නව පිළිවෙතක්

  👤  3632 readers have read this article !
By mawbima 2018-01-23

ලංකා භූමිතෙල් රථ වාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝගයක් නිකුත් කර තිබේ.
දිවයිනේ සියලුම සිපෙට්කෝ පිරවුම්හල් වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගේ අස්සනින් යුතුව අංක 987 යටතේ චක්‍රලේඛයක් හරහා මෙම නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගයේ සඳහන් වන අන්දමට 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සන්සන්දනය කරන විට මෙරට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයිද අනාවරණය වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ඇතැම් පිරවුම් පොළවල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරික හා කර්මාන්ත ශාලාවලට නිකුත් කිරීමට පෙලඹීමත් බස් රථවලට සහ බවුසර්වලට භූමිතෙල් යෙදීම මෙන්ම ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකිණීමත් නිසාය. එවැනි ක්‍රියා නීති විරෝධී බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එබැවින් එවැනි වරදක් සිදු කළහොත් බෙදුම්කාර ධුරත්ව ධුරය අහෝසි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය චක්‍රලේඛයෙන් සියලුම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත දන්වා සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon