පොලිස් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

  👤  3650 readers have read this article !
By mawbima 2018-01-23

පොලිස් වෙඩි තැබීමකින් එක්දරු පියකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් වාර්තාව කැඳවූ බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා 'මව්බිම'ට පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බැවින් සිද්ධියට අදාළ පරීක්‍ෂණ වාර්තාවක් මෙලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ආරියදාස කුරේ මහතා සඳහන් කෙළේය.

එසේම ලබන බ්‍රහස්පතින්දා රැස්වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ විධායක මණ්ඩල රැස්වීමේදී මෙම සිද්ධිය ගැන එහි නිලධාරීන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon