මියගිය තරුණයාගේ බිරියට පොලිසියෙන් නිවෙසක්

  👤  3763 readers have read this article !
By mawbima 2018-01-23

චාමර අමරසූරිය

පොලිස් වෙඩි පහරකින් මියගිය කතරගම ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියකු වූ පතිරණලාගේ නිරෝෂන් (25) නමැත්තාගේ බිරියට නව නිවෙසක්...තනා දීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
මෙම තැනැත්තා මිය යෑමත් සමඟ ඔහුගේ බිරිය සහ කුඩා පිරිමි දරුවා තනි වීමත් සමඟ ඔවුන්ට වාසය කිරීම සඳහා කතරගම ප්‍රදේශයෙන්ම නව නිවෙසක් තනාදීමට අදහස් කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව නව නිවෙසට මුල්ගල තැබීමේ කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමටද අදහස් කර ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්.යූ. ප්‍රනාන්දු, මාතර - තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් මෙම කටයුත්ත සිදු කිරීමට මෙලෙස අදහස් කර ඇත.
මියගිය පතිරණලාගේ නිරෝෂන් මහතා කතරගම ප්‍රදේශීය සභාවේ ටැක්ටර් රථ රියැදුරකු ලෙස කටයුතු කරමින් සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon