ජී.එස්.පී. යළි නැති වෙයිද?

  👤  3856 readers have read this article !
By mawbima 2018-01-23

ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි අත්හිටුවීමට යුරෝපා සංගමයට බලකරන බව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ඩේව් පවසයි.
යුරෝපා කොමිසමේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේද කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනතුරුත් අසමත්වීම හේතුවෙන් වහාම ජී.එස්.පී. සහනය අත්හිටුවිය යුතු බව හෙතෙම සඳහන් කර තිබේ.

එබැවින් කොන්දේසි සියල්ල ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන තෙක් ජී.එස්.පී. සහනය අත්හිටුවිය යුතු බවට යුරෝපා සංගමයට බලපෑම් කිරීමටත්, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව එඩ්වඩ් ඩේව් පවසා ඇත.

මෙරට දෙමළ ජනතාවට තවමත් ඔවුන්ගේ අයිතිවාසිකම්, ස්ථිරසාර සාමය ලබාදී නැති බව ඔහු චෝදනා කර සිටියි.
හෙතෙම මේ බව පවසා ඇත්තේ බි්‍රතන්‍ය දෙමළ සංසදය සමඟ පෙරේදා (21ද) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳ දිගටම සොයා බලන බවත් බි්‍රතාන්‍ය දෙමළ සංසදය සමඟ එක්ව කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon