රෝගී දියණියගේ මොළේ සැත්කම කරන්න මවුපියෝ උදව් ඉල්ලති

  👤  3712 readers have read this article !
By mawbima 2018-01-23

කොච්චිකඩේ වැලිහේන පාතිමා පාරේ අංක 45/ඒ/5 දරන ස්ථානයෙහි පදිංචි අවුරුද්දකුත් මාස තුනක වයසැති රෙහාන්සා සහේසි ද සිල්වා දැරිය මේ වනවිට පසුවන්නේ අසාධ්‍ය රෝගී තත්ත්වයෙනි. මේ වනවිට ඇයගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ගෙඩියක් හැදී රෝගී වී ඇති බව කියයි.

මෙලොව උපත ලද දිනයේ පටන් අසාමාන්‍ය ගති ලක්‍ෂණයන් පෙන්වූ නිසා ඇය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ අතර ඇයව පරීක්‍ෂා කළ කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ස්නායු සම්බන්ධ ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා ඇගේ රෝගය හඳුනාගෙන ඉතා කඩිනමින් ගෙඩිය ඉවත් කිරීමේ ඉතා සියුම් ශල්‍යකර්මයකට ඇය භාජන කළ යුතුව ඇති බවට නිර්දේශ කර ඇත.

කුෂාන් ද සිල්වා සහ හෂිනි ප්‍රනාන්දු යුවළ මේ සම්බන්ධයෙන් කියනුයේ තමන්ට මේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය රුපියල් ලක්‍ෂ පනහක මුදල සොයා ගැනීම සිහිනයක් බවත් එම පවුලේ අය දිවි ගෙවනුයේ සැමියා සංචාරක මඟ පෙන්වන ආයතනයක සේවය කිරීමෙන් ලැබෙන මුදලින් බවත් කියයි.
ශල්‍යකර්මයට හා ඉන්පසුව සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිකාර සඳහා එම මුදල අවශ්‍ය වන බව වෛද්‍ය නිර්දේශයන් අනුව දන්වා ඇත. මේ මුදල එකතු කර ගැනීමට මේ යුවළ කාරුණික හදවත් ඇති පරිත්‍යාගශීලීන්ගෙන් සහාය පතයි.

ඔවුන් විසින් වෙන්නප්පුව ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවෙහි අංක 100298050333 ගිණුම විවෘත කර ඇත.

හලාවත- ඔස්ටින් ප්‍රැන්සිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon