ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට

  👤  3420 readers have read this article !
By mawbima 2018-01-23

කුමුදු උපුල් ශාන්ත

මෙරට ළමා අපයෝජන අවම කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදුකරගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව එම අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවැසුවාය.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හමුවේ තමා දැක්වූ කරුණු පදනම් කරගෙන එම පැසසුම ලැබුණු බවද සභාපතිනිය කියා සිටියාය. මෙරට ළමා අපයෝජන පිළිබඳ විමර්ශන හා නඩු කටයුතු වේගවත් කිරීම, වීථි දරුවන්ගේ ගැටලු විසඳීම, ගමින් ගමට ගොස් මවුපියන් හා දරුවන් දැනුවත් කිරීම, ඇතුළු මේ වන විට තම අධිකාරිය මඟින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ රැසක් සම්බන්ධයෙන් එම කමිටුවේදී අදහස් දැක්වීමට තමන්ට හැකියාව ලැබුණු බවද පවසන සභාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටවල් රැසක සහභාගිත්වයෙන් පැවැති එම කමිටුව හමුවේ ශ්‍රී ලංකාව පැසසුමට ලක්වීම ජාත්‍යන්තර වශයෙන් මෙරටට ඉතා ගෞරවයක් බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon