දේශපාලනඥයන් වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස්පතිට අයිතියක් නෑ

  👤  3562 readers have read this article !
By mawbima 2018-01-23

මහනුවර - නදීක දයා බණ්ඩාර

යහපාලන ආණ්ඩුවට ඡන්දය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා වක්‍රානුකූලව ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වවුනියාවේදී පොලිස් නිලධාරීන් අමතමින් යහපාලන ආණ්ඩුව හො¼දයි නේද කියමින් පොලිස්පතිවරයා කතා කළ බවත් ඔහු සමඟ කොළඹින් ගිය පොලිස් ගෝලයන් දෙදෙනකු අසල සිට එහෙමයි සර් යනුවෙන් එය අනුමත කරමින් සිටි බවත් මහනුවර මහයියාවේදී පෙරේදා (21දා) පැවැති ජන හමුවකදී හිටපු ජනාධිපතිවරයා කීවේය.
කතරගමදී මිනිසුන් මරා දමන පොලිසිය යාපනයේදී කිසිසේත්ම එවැන්නක් නොකරන බවත් එසේ කළා නම් ඔවුන්ගේ කෑලි ඉතිරි නොවන බවත් කී ඒ මහතා මෙසේද පැවසීය.
යාපනයට යන අයට ඉන්න වෙන්නේ කුක්කො වගේ. නමුත් හැමෝම එහෙම නෑ. හොඳ නිලධාරීන් ඉන්නවා. නමුත් ජනාධිපතිවරයාටත් පාලනය කළ නොහැකි පොලිස්පතිවරයෙක් අද යහපාලන ආණ්ඩුව දිනවීමට කටයුතු කරනවා. වවුනියාවේදී කොළඹින් ගිය නිලධාරීන් පොලිස්පතිවරයාගේ කතාව අනුමත කර තිබුණත් වවුනියාවේ පොලිස් නිලධාරීන් එය අනුමත කර නැහැ. කවුරුවත් කට ඇරලා නැහැ.

තැපැල් ඡන්දයේදී ඡන්දය දෙන්න කියා නොකියන පොලිස්පතිවරයා යහපාලන ආණ්ඩුව හොඳ යැයි කියමින් ඊට ඡන්දය ලබා දිය යුතු බව අවධාරණය කරනවා. පොලිස්පතිට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. මේක ඡන්ද නීතියට විරුද්ධයි. මේ පිළිබඳව අප පැමිණිලි කිරීමට කටයුතු කරනවා. දේශපාලනඥයන් වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස්පතිට කිසිදු අයිතියක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon