පොලිස් ගීතය වවුනියාවේදී දෙමළෙන් ගයයි

  👤  3738 readers have read this article !
By mawbima 2018-01-23

චාමර අමරසූරිය, මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

වසර 151ක ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිසියේ තේමා ගීතය දෙමළ බසට පරිවර්තනය කොට එම පරිවර්තනය නිල වශයෙන් වවුනියාවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙතට ඉකුත් 20 වැනිදා භාරදෙනු ලැබීය.

උතුර, නැඟෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ හදවතට දැනෙන පරිදි කන්දප්පු ජයන්දන් විසින් එම ගීතය දමිළ බසට පරිවර්තනය කර ඇත.
පොලිස් ගීතය ඇතුළත් සංයුක්ත තැටියක් ඊයේ වවුනියාව පොලිස් සංකීර්ණ භුමියේදී පොලිස්පතිවරයා වෙත පිළිගැන්විණි. එදිනම මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේදී එම දෙමළ පරිවර්තනය පළමු වරට වාදනය කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීහූ විශාල පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon