වලස්මුල්ලේදී ලොරියකට යට වී හමුදා සෙබළකු සමඟ තරුණයෙක් මරුට

  👤  3608 readers have read this article !
By mawbima 2018-01-23

වීරකැටිය - සේන වික්‍රමාරච්චි

වලස්මුල්ල - හක්මණ මාර්ගයේ ජූල හන්දියේදී ලොරි රථයකට යටවීමෙන් යුද හමුදා සෙබළකු ඇතුළු තරුණයන් දෙදෙනකු මියගොස් ඇත.
යතුරුපැදියේ ගමන් කළ දෙදෙනා වලස්මුල්ල දෙස සිට හක්මණ දෙසට ගමන් කර ඇති අතර ලොරි රථය වලස්මුල්ල දෙසට ධාවනය වී ඇත. මේ අනතුරෙන් මියගොස් ඇත්තේ යුද හමුදාවේ සේවය කළ කොහොලාන පදිංචිව සිටි මුණසිංහ ලියනාරච්චිගේ චාමර උදයංග නමැති විසිතුන් හැවිරිදි අයකු සහ වලස්මුල්ල, ගලහිටිය පදිංචිව සිටි රොෂාන් මිනිශ්ක නමැති තරුණයෙකි. මියගිය අයගේ මෘත දේහයන් වලස්මුල්ල මූලික රෝහලේ තබා ඇත.

තංගල්ල පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් සහ සහකාර පොලිස් අධිකාරි බී.එම්.එම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්.ජේ.බී. සුවාරිස් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ටී. ලක්මාල් සිල්වා, රථ වාහන අංශයේ ස්ථානාධිපති සෝමසිරි මහතා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon