ගුරුවරිය දණ ගැස්සූ අසත්‍ය ප්‍රචාරයට එරෙහිව බදුල්ල-මොනරාගල ගුරු පිරිසක් විරෝධතාවක

  👤  3763 readers have read this article !
By mawbima 2018-01-23

වැලිමඩ - අර්නි දඹදෙණිය

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය උෟව මහ අමාත්‍යවරයාට ආචාර කරමින් විදුහලේ පැවැති ගැටලුවක් නිරාකරණය කර ගැනීම පළාත් පාලන මැතිවරණ සමයේ දේශපාලන වාසි ලබා ගැනීමට විදුහල්පතිනිය දණ ගැස්සූ ලෙස අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කිරීමට එරෙහිව උෟව මහ අමාත්‍යවරයාට සහයෝගය ලබාදීමේ උෟව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයේ ගුරුවරු පිරිසක් අද (23දා) සවස 3ට උෟව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබේ.

මෙම ප්‍රචාරය පිළිබඳව අසත්‍ය ගොතන ලද පුද්ගලයන්ට හා එය අසත්‍යයක් බව මුලින් ප්‍රකාශ කර කිසිවකුගේ හෝ බලපෑමකට යටත්ව එසේ සිදුවූ බවට පරස්පර අදහස් ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට අපහස කිරීමේ චෝදනාව යටතේ එම විදුහල්පතිනිය උෟව මහ අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් අධිකරණයේදී වන්දි නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන ඇති බවත් මේ ගැටලුව පිළිබඳව ඊයේ (22දා) සවස 2ට උෟව පළාත් මහ අමාත්‍ය කාර්යාලයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොන්ඩමාන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්ද පැවැති බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව උෟව පළාතේ ගුරුවරුන් හා ගුරු සංගම්ද උෟව මහ අමාත්‍යවරයාට සහාය පළ කරන අතර තවත් ගුරුවරුන් හා ගුරු සංගම් කීපයක් විරෝධය පළ කරමින් හෙට බදුල්ල නගරයේ විරෝධතා සංවිධානය කර ඇති නිසා අද සිටම උෟව පළාත් සාභාව ඉදිරිපිට එස්.ටී.එෆ්. පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon