උෟවේ මහ ඇමැතිගේ ක්‍රියාකලාපය මට නම් අනුමත කරන්න බැහැ

  👤  3571 readers have read this article !
By mawbima 2018-01-23

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩු බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන බවත් වගඋත්තරකරුවන් ආරක්ෂා කිරීමට යමකු එවැනි ප්‍රකාශ සිදු කරන්නේ නම් ඒ පිළිබඳව කනගාටුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සවිමත් කරුණු සහිත වාර්තාවක බර සැහැල්ලු කිරීම හරහා එහි වාසිය වගඋත්තරකරුවන්ට හිමිවන බව පැවැසූ හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
රවි කරුණානායක මහතා කුමන ප්‍රකාශ කළත් රටේ ජනතාවට ඒ පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. මේ වාර්තාවට අනුව නීතිපතිවරයාට පුළුවන්කමක් තියෙනවා යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. වාර්තාවේ සාක්ෂි සම්පිණ්ඩනය තුළ වී බව මනාව, පැහැදිලිව දන්වා තිබෙනවා. වාර්තාවේ පිටු අස්ථාන ගතවී ඇති බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකියි.

ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් එය කළ යුතුයි. මට මතකයි සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා.

පළාත් සභාවල පමණක් නෙවෙයි මහ ආණ්ඩුවෙත් නුසුදුසු ඇමැතිවරු ඉන්නවා. තනතුරු දෙන්න කලින් දේශපාලනඥයන්ට සාමාන්‍ය දැනුම සහිත ප්‍රශ්න පත්‍රයක් දියයුතුයි. අනතුරක් වළක්වා ගැනීමට දේශපාලනඥයාට හැකියාවක් තිබිය යුතුයි. නුසුදුසු දේශපාලනඥයන් පත් කිරීම ගැන දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවත් වගකිව යුතුයි. පළාත් අමාත්‍යවරයකු ලෙස සිටි මම උෟවේ මහ ඇමැතිගේ ක්‍රියාදාමය පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ. ජනාධිපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. මැතිවරණය තිබුණත් ගැටලුවක් නැහැ. වාර්තාව ලද විගස ජනාධිපතිවරයා තීරණයක් ගන්නවා. ගුරු වෘත්තිය කියන්නේ ගෞරවාන්විත සේවයක්. ඒ ගැන කල්පනා කළ යුතුවෙනවා.

සමහර මැති ඇමැතිවරු ජනාධිපතිවරයාගේ විධායක බලය ගැන කතා කරනවා. විධායක බලය මොකක්ද කියලා ඒ අයට අමතකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයායි. 43/1 උප වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලය පත්කිරීම, අමාත්‍යාංශ යටතට විෂයයන් පැවැරීම සඳහා අවශ්‍ය විටෙක අගමැතිවරයාගේ උපදෙස් ලබාගත හැකි බව දැක්වෙනවා. ඒ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පමණයි. විධායක බලතල ගැන ඕනතරම් නීත්‍යනුකූලව ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියන පදනමින් තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. තමන් යටතට ආර්ථිකය හැසිරවීමේ බලය ගන්නවා කියලා. මොකද අමාත්‍යාංශ මට්ටමින් තිබෙනවා. ආර්ථික අනුකමිටු, ඒ එක්කම, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික

කළමනාකරණ කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. මේ කමිටුවලට ඉහළින් එතුමා පත් කළා ආර්ථික කවුන්සිලයක්. ඒකෙ අගමැතිවරයත් ඉන්නවා. වැඩි හොඳට තමයි ජනාධිපතාවරයා මෙහෙම කරන්නෙ.

අපරාධ, මංකොල්ලකෑම් නතර කරන්න පළාත් පාලන ආයතනවලටත් මැදිහත් විය යුතුයි. පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් එවැනි වැඩපිළිවෙළක් නිදහස් පක්ෂය හඳුන්වාදී තිබෙනවා. "පිරිසුදු පාලනයක් උදෙසා රටේ බලයත් නිදහසට" යන තේමාව යටතේ නිදහස් සන්ධානය පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පිටපත් ලක්ෂ 50ක් ඉදිරි සති දෙක තුළ ජනතාව අතරේ බෙදා හරිනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon