ක්‍රීඩකයන්ගේ ශක්ති වර්ධනයට 100ර්ථීතභඵ ඇමැති අතින්ම පරීක්‍ෂාවට

  👤  3422 readers have read this article !
By mawbima 2018-01-23

ආරම්භයේදී ක්‍රීඩකයන්ගේ පානයක් ලෙස මැරතන් ධාවකයන් අතර ජනප්‍රිය වූ 100ර්ථීතභඵ පානය මේ වන විට ලොව පුරා මිලියන ගණනක ජනතාවගේ තේරීමක් බවට පත්වී ඇති අතර සිංගප්පූරුව, මැලේසියාව හා මියන්මාරය යන රටවල අංක එකේ අයිසොටොනික් පානය ලෙසද 100ර්ථීතභඵ සැලකේ. මෙම පානය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සීමාසහිත බ්‍රවුන්ස් සහ සමාගම කටයුතු කළේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති උත්සවයකදීය.

සෞඛ්‍යයට ඉතාමත් හිතකර පානයක් ලෙස ආසියානු කලාපයේ රටවල් මෙන්ම උතුරු ඇමෙරිකාවේද ජනප්‍රිය රස හතරකින් යුත් මෙම පානය හඳුන්වා දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ක්‍රීඩා ඇමැතිවරයා පවසා සිටියේ මෙරට ක්‍රීඩකයන්ගේ පෝෂණය හා ශක්තිය සම්බන්ධව ගත් කල මෙවන් ශක්තිජනක පානයක් හඳුන්වාදීම කාලෝචිත බවය. ඒ සඳහා බ්‍රවුන්ස් සමාගම කටයුතු කිරීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කළ ජයසේකර මහතා, තවදුරටත් කියා සිටියේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙනුවෙන් තම අමාත්‍යාංශය දැඩි අවධානයෙන් කටයුතු කරන බවත් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙරට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බවත්ය.

ඡායාරූපය -
දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon