භාග්‍ය හා හිරුෂගේ ගමන සුබයි බාධක ගොඩයි

  👤  3528 readers have read this article !
By mawbima 2018-06-14

හොරණ ශ්‍රී මේධංකර මධ්‍ය මහා විද්‍යාලයේ 5වැනි වසරේ සහ 3වැනි වසරේ ඉගෙනුම ලබන හිමාෂ භාග්‍ය පාදුක්ක සහ හිරුෂ රෂ්මික පාදුක්ක යන සහෝදරයන් දෙදෙනා 2018 වර්ෂයේ පැවැති යතුරුපැදි ධාවන තරගවලදී ජයග්‍රහණ රැසක් වාර්තා කර ගැනීමට සමත් වූහ.

ඒ අනුව හිමාෂ භාග්‍ය පාදුක්ක මෙම වසරේදී 85 ඛ්ඛ් අංශයෙන් තරග වදිමින් දියතලාව ෆොක්ස් හිල් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ද ඉන් අනතුරුව පැවැති වලව සුපර් කේ‍රාස් තරගාවලියේ එම වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයද 2018 සීගිරි සුපර්කේ‍රාස් තරගාවලියේ දෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ. කෙසේ වුවද 2016 වර්ෂයේදී වයස අවුරුදු 10 වයස් කාණ්ඩයෙන් 50 ඛ්ඛ් අංශයෙන් තරග වදිමින් ජයග්‍රහණ රාශියක් හිමි කරගෙන ඇත.

මේ අතර 2018 ගාලු සුපර් කේ‍රාස් තරගාවලියට සහභාගි වූ හිරුෂ රෂ්මික පාදුක්ක වයස අවුරුදු 10න් පහළ වයස් කාණ්ඩය යටතේ 50 ඛ්ඛ් අංශයෙන් තරගවදිමින් එහි දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූ අතර එම තරගාවලියට සහභාගි වන අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 7ක් වීම ද විශේෂත්වයකි.

ආර්ථික අපහසුතා මැද මෙසේ දක්ෂතා දක්වන මෙම දෙසොහොයුරන් ජාතික තලයෙන් ඔබ්බට ගෙනගොස් ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඔවුනට හැකියාව තිබුණ ද ඒ සඳහා අනුග්‍රාහකයකුගේ අවශ්‍යතාව දැඩිව බලපාන බව ඔවුන්ගේ පියා වන කපිතාන් ඩී. ඩී. එන්. පාදුක්ක මහතා පවසයි. කෙසේ වෙතත් ආබාධිත රණවිරුවකු වන ඔහුට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති විම හේතුවෙන් ඔවුන්ට අනුග්‍රාහකත්වය දැක්වීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට කපිතාන් ඩී. ඩී. එන්. පාදුක්ක මහතා (අංක 0771957694 හෝ 0717618293) අමතා වැඩි විස්තර ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon