දුර්ලභ වර්ගයේ බකමූණෙක් මීගමුව කඩොල්කැලෙන් හමුවේ

  👤  3695 readers have read this article !
By mawbima 2018-06-14

මීගමුව -නිමන්ති ප්‍රනාන්දු

'බකමූණු' වර්ගයට අයත් ලංකාවේදී මෙතෙක් හමු වී නැති පක්ෂියෙක් මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේදී 13දා එහි පදිංචි මදුශාන් ලක්මාල් නමැති අයෙක් අල්ලාගෙන තලාදුව ජංගම පොලිස් මුරපොළට භාර දී ඇත.

වනජීවී නිලධාරීන් පැමිණ මෙම පක්ෂියා ඔවුන් භාරයට ගෙන පැවැසුවේ මෙවැනි පක්ෂි විශේෂයක් ඔවුන් ලංකාවේදී මෙතෙක් දැක නැති බවය. 'බකමූණු' වර්ගයට අයත් බවත් සංක්‍රමණික පක්ෂියෙක් වීමට හැකි බවත් එම නිලධාරීහු විශ්වාස කරති.

මෙම පක්ෂියා පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර මාධ්‍යට කරුණු වාර්තා කරන බවද වනජීවී නිලධාරීන් පවසන ලදී. කාක්කෝ රංචුවක් වට කරගෙන මෙම පක්ෂියාට කොටන විට මදුශාන් ලක්මාල් නමැති අය අල්ලාගත් බව කියයි.

තලාදුව ජංගම පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්. ජයන්ත හේරත්, පොලිස් කොස්තාපල් රත්නායක (31920) යන නිලධාරීහු එම පක්ෂියා සමඟ ඡායාරූපයේ සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon