පොලිස් නිලධාරියාගේ දරු තිදෙනාට තවමත් පාසලක් නෑ

  👤  3390 readers have read this article !
By mawbima 2018-06-14

කුරුණෑගල _ කමලා අතරගල්ල

රෝගීව සිටි බිරිය මියගිය සොවින් රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා මියගිය ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ විමලරත්න මහතාගේ දරු තිදෙනාට මේ වනතුරු පාසලක් ලැබී නොමැත.

රිදීගම රම්බඩගල්ල විදුහලේ පිළිවෙළින් නවය, හතර, දෙක ශේ‍ර්ණිවල අධ්‍යාපනය ලැබූ ඔවුන් තිදෙනාම ඉගෙනගැනීමට දක්ෂයෝය. මවත්, පියාත් අහිමිවූ දරු තිදෙනාගේ සමීපතම ඥාතීන් වූ, මියගිය කාන්තාවගේ පුංචි අම්මාට සහ බාප්පාට භාර වෙන්නේ උසාවි නියෝගයකිනි. ඒ අනුව දරු තිදෙනා රම්බඩගල්ල ජාතික පාසලෙන් ඉවත් කර ගෙන ඇත්තේ ඉකුත් මැයි මස 31දාය.

හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචියට ගිය ඔවුන්ට මේ වනතුරුත් පාසල් යෑමට වාසනාව පෑදී නැත. කුරුණෑගල පොලිස් නිලධාරීන් අවශ්‍ය සියලු ලිපි ලේඛන සපයා දී ඇති බවත්, ජාතික පාසලකට දරුවකු ඇතුළත් කිරීමේදී පිට පළාතක අයකු ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නිරවුල්වී නොමැතිකමින් දරුවන් තිදෙනාට පාසලකට ඇතුළත් වීමේ වාසනාව අහිමි වී ඇත.

උසාවි නියෝගයන් අනුව කුරුණෑගල පොලිස් නිලධාරීන් වලස්මුල්ලේ නිවෙසට කිහිප වතාවක් ගොස් පරිවාස වාර්තා ලබාගත් බව දරුවන්ගේ ඥාතිවරියක වූ ධම්මිකා ප්‍රියංගනීද සිල්වා මහත්මිය පැවැසුවාය.

ඇගේ නිවෙසට ආසන්නතම ජාතික පාසල වන වලස්මුල්ල ජාතික පාසලට වැඩිමහල් දියණිය 9 වැනි ශේ‍ර්ණියටත්, අනෙක් දියණිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි ශේ‍ර්ණියටත් බාල පුතුත් එම විදුහලේම දෙවැනි ශේ‍ර්ණියටත් ඇතුළත් කිරීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන සපයා ඇතැයි ධම්මික ප්‍රියංගනී මහත්මිය පැවැසුවා.

කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට සහ කලාප කාර්යාලයට පළාත් කාර්යාලයෙන් ලිඛිත අවසරය ලැබුණු පසු විදුහල්වලට ඇතුළත් කර ගන්නා බව දන්වා ඇත. එහෙත් තංගල්ල පොලිස් අධිකාරිවරයා හෝ පොලිස්පතිවරයා මේ ගැටලුවට සම්බන්ධ වුවහොත් විස¼දා ගැනීම පහසු බව ධම්මිකා මහත්මියගේ අදහසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon