එළවළු සහ පලතුරු පැළ කට්ටල ලක්ෂයක් බෙදාදීමේ වැඩපිළිවෙළ අද ඇරඹෙයි

  👤  3446 readers have read this article !
By mawbima 2018-06-14

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබෙන "අපි වවලයි - අපි කන්නේ" කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙළ යටතේ එළවළු හා පලතුරු ඇතුළත් පැළ කට්ටල ලක්ෂයක් ගොවි ජනතාව අතර බෙදාදීමේ වැඩසටහන අද (14දා) ආරම්භ වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ජාතික හදබිම අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබයි. පැළ කට්ටල ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට ආරම්භ කෙරේ.

මේ යටතේ පොල්, අනෝදා, බෙලි, දිවුල්, කටු අනෝදා, කරපිංචා ආදී ඒ ඒ ප්‍රදේශවල වැවෙන සුදුසු පලතුරු පැළ පහකින් සමන්විත කට්ටලයක් බැගින් ලබා දීමට පියවර ගැනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon