තැපෑල ගල් වෙයි!

  👤  3370 readers have read this article !
By mawbima 2018-06-14

නුවන් හෙට්ටිආරච්චි

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී කිසිදු සේවකයකු සේවයට වාර්තා නොකිරීම නිසා කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා පිහිටි තැපැල් ස්ථාන දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

වැඩ වර්ජනයේ දෙවැනි දින වූ ඊයේ (13දා) කොළඹ ප්‍රධාන මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ පාර්සල් අංශය, ලියාපදිංචිය අංශය, ගුවන් තැපැල් අංශය ඇතුළු සියලු අංශ වසා තිබූ අතර ලැබී තිබූ ලිපි පාර්සල් හා බඩු බාහිරාදිය ගොඩ ගැසී තිබේ.

ඊට අමතරව ප්‍රධාන තැපැල් ස්ථාන හා උප තැපැල් ස්ථානවල ප්‍රධාන ‍ෙදාරටු අගුළු දමා තිබූ අතර, ඒ සම්බන්ධව තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් 'මව්බිම' විමසූ විට ඔහු සඳහන් කළේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී නිලධාරීන් හෝ සේවකයන් කිසිවකු සේවයට වාර්තා නොකළ බවයි.

අඛණ්ඩ වැඩ වර්ජනයට තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය එක් වීමත් සමඟ සියලු තැපැල් කටයුතු සේවා මේ වනවිට සම්පූර්ණයෙන් නතර වී තිබේ. තම ඉල්ලීම්වලට විසඳුමක් කඩිනමින් නොලැබුණහොත් ඉදිරි දිනකදී අරගලකාරී පියවරයන් අනුගමනය කිරීමට නියමිත බව වෘත්තීය සංගම් එකතුවේ සම කැඳවුම්කරු ඒ.ආර්. වර්ණකුලසූරිය මහතා පැවැසීය.

බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත කර ස්ථිර විසඳුමක් ලබාදීම හැර කිසිදු සාකච්ඡාවකට ඉඩක් නොමැති බවයි. ඔහු අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon