ඇසුරක් පවත්වා එය පටිගත කළතරුණයාටම සිසුවිය විවාහ කර දෙයි

  👤  3904 readers have read this article !
By mawbima 2018-06-18

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

සිය පාසල් පෙම්වතිය නිවෙසට රැගෙනවිත් ඇය සමඟ ඇසුරක් පවත්වා කැමරාව සහිත ජංගම දුරකථනයකට පටිගත කළ තරුණයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිසුවියගේ මවුපියන් ඇයව සැකකරුටම විවාහ කර දීමේ පුවතක් වාර්තා විය.

සැකකරු අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටින අතර තරුණ පාසල් සිසුවිය අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිට ඇති බව පොලිසිය පැවැසුවේය. සැකකරු පසුගිය 11 වැනිදා 18 හැවිරිදි සිය පාසල් පෙම්වතිය පාසල් ඇඳුමෙන් ඔහුගේ නිවෙසට කැඳවාගෙන පැමිණ ඇති අතර පාසල් සිසුවියක් අවේලාවේ එම නිවෙසට එන අයුරු දුටු අසල්වාසියකු ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට දන්වා තිබේ.

පාසල් සිසුවියක් නිවෙසට රැගෙන ආ පුවත සැලවූ වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වහාම එහි පැමිණ සිසුවිය හා තරුණයා පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳව සිසුවියගේ මවුපියන්ට දන්වා තිබේ. උසස් පෙළ සිසුවියගේ පියා ගුරු වෘත්තියේ නිරත වන අතර ඔහු වහාම අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ ඇත.

ගංජා, හෙරොයින් හා තවත් දුසිරිත් ක්‍රියාවන් රැසකට පුරුදු වී සිටින 20 හැවිරිදි තරුණයා සිසුවිය නිවෙසට ගෙනැවිත් පැවැත්වූ ඇසුරේ සෑම තත්පරයක්ම ජංගම දුරකථනයේ පටිගත කර ඇති අතර ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිසියට එම වීඩියෝව හසුවී තිබේ. තරුණියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ස්ත්‍රී දූෂණයකට ලක් කිරීමේ චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු සිදුකරනු ලැබුවත් වහාම ක්‍රියාත්මක වූ සිසුවියගේ මවුපියන් එම දඬුවම අවශ්‍ය නැති බව පවසා සිසුවිය සමඟ ඇසුර පැවැත්වූ තරුණයාව ඇයට විවාහ කර දීමට කටයුතු සිදුකර තිබිණි.

ඒ අනුව පෙරේදා (13දා) දිනයේ තරුණයාගේ හා තරුණ පාසල් සිසුවියගේ මවුපියන් එක්වී ඔවුන් දෙදෙනා විවාහ කරදීම සිදුකර තිබිණි. තරුණයාව අධිකරණයට ඉදිරිපත් කර නඩු අසා අවසන් වනවිට දියණියගේ ජීවිතය විනාශ විය හැකි බව තේරුම්ගත් පියා ඔවුන්ව විවාහ කරදීමට කටයුතු කළ බව පොලිසියෙන් වාර්තා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon