විදුලිබල නිෂ්පාදනයට විශාල දායකත්වයක් දෙන නොරොච්චෝලේ බලාගාරය ජාතික අවශ්‍යතාවක්

  👤  3557 readers have read this article !
By mawbima 2018-06-18

හර්ෂනී අර්සකුලරත්න

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නිසා පරිසරයට සහ ජනතාවට සිදුවෙතැයි පවසන හානි සහ අපහසුතා අවම කිරීම සඳහා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිතය.

ඒ අනුව සුළං බාධක භාවිතය, පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම, ඉහළ ප්‍රමිතියකින් යුත් ගල්අඟුරු භාවිතය වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

සුළං බාධක මේ මස 22දා ආරම්භ කරන බවත් මෙරට විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් සපයන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ජාතික අවශ්‍යතාවක් හෙයින් ඉන් සිදුවෙතැයි පවසන හානි සැලකිල්ලට ගනිමින් එය පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යෑමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග බොහොමයක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳ පරිසර අධිකාරිය සිය ස්තූතිය විදුලිබල ඇමැතිවරයාට මෙහිදී පුද කර සිටියේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නිසා පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි පවසන හානි පිළිබඳ (14දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ අදහස් පළ විය.

මේ සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon