රජීව් ඝාතකයෝ නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති බෑ කියයි

  👤  3442 readers have read this article !
By mawbima 2018-06-18

හිටපු ඉන්දීය අගමැතිවරයකු වන රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින 7 දෙනා නිදහස් කරන මෙන් තමිල්නාඩු රජය විසින් කළ ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

මානුෂික පදනම මත මෙම වැරැදිකරුවන් මුදාහැරීමට කටයුතු කරන මෙන්, තමිල්නාඩු රජය විසින් ඉකුත් වසර 4ක කාලය තුළ දෙවරක් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් ඉල්ලීම් කර තිබේ.

මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් උපදෙස් ලබාගැනීමට ජනපතිවරයා කටයුතු කරන අතර අදාළ සිරකරුවන් නිදහස් කිරීම සඳහා මෙම ඉල්ලීම එහි දැක්ම හා එකඟ නොවන්නේ යැයි ජනපතිවරයා විසින් පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon