ප්‍රභූ ආරක්ෂකයන්ට පරිබාහිර වැඩ බෑ

  👤  3472 readers have read this article !
By mawbima 2018-06-18

රුචිර දිලාන් මධුසංඛ

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් අදාළ මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රභූවරයාගේ ආරක්ෂාව සඳහා පමණක් යෙදවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තුවේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආරක්ෂක කමිටුවේද අවධානය යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගෙන් ලැබෙන පැමිණිලි සලකා බැලීමෙන් පසුව ආරක්ෂක කමිටුව මෙම තීරණයට එළැඹ තිබේ. ඇතැම් ප්‍රභූන් වෙනුවෙන් යොදවා ඇති ඇමැති ආරක්ෂක නිලධාරීන්ගේ නිවාසවල පිරිසුදු කිරීම්, වාහන සේදීම, වාහන පැදවීම, කඩ සාප්පුවලට යෑම, සුරතල් සතුන් නාවා පිරිසුදු කිරීම. වැනි කටයුතුද සිදුකිරීමට සිදුවන බවට අදාළ ආරක්ෂක නිලධාරීන්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව ප්‍රභූන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රභූවරුන්ගේ පවුලේ බිරින්දෑවරුන්, දරුවන් සහ ඥාතීන් සමඟද ගමන් බිමන් යෑමට සිදුවන බවත් එම නිසා අදාළ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

මේ ගැන සලකා බලා ඉදිරියේදී රැස්වන ආරක්ෂක කමිටු රැස්වීමේදී ප්‍රභූවරුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට ආරක්ෂාවට පරිබාහිරව කිසිදු රාජකාරියක් නොපැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon