ක්‍රීඩා ඇමැතිගේ ඉල්ලීම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ප්‍රතික්ෂේප කරති

  👤  3459 readers have read this article !
By mawbima 2018-06-18

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් වශයෙන් එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපි යොමු කරමින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර දඟ පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකයකු ලෙස එක්වන ලෙස මුත්තයියා මුලරලිදරන් හට කර තිබූ ආරාධනාවද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතික්ෂේප කිරීමට මුත්තයියා මුරලිදරන් පියවර ගෙන ඇත.

මේ අතර වර්තමානයේ පවතින ක්‍රමය පිළිබඳව තමන් හට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එසේ උපදේශකයකු වශයෙන් එක් විය නොහැකි බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය 'ට්විටර්' ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් 1996 ලෝක කුසලානය ජයගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා නායකයකු වන අරවින්ද ද සිල්වා විසින් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon