එංගලන්තය දෙවැනි වරටත් ඕස්ට්‍රේලියාව පරාජය කරයි

  👤  3495 readers have read this article !
By mawbima 2018-06-18

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 38ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර නව නායකත්වයක් හා නව පුහුණුකාරීත්වයක් යටතේ ඕස්ට්‍රේලියා කණ්ඩායම පිට පිටම අත්විඳි දෙවැනි පරාජයද මෙය වීම විශේෂත්වයකි. කාඩිෆ්හි, සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවීගොස් ලකුණු 342ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු 120ක් ලබා ගත් අතර ජොස් බට්ලර් පන්දු 70කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා ගැනීම කැපී පෙනේ. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජේ රිචඩ්සන්, කේන් රිචඩ්සන් සහ ඇන්ඩෘ ටයි කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 1කදී සියලුදෙනා දැවීගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 304ක් පමණි. එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ ශෝන් මාෂ් පන්දු 116කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 131ක් ලබා ගත්ත ද ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට එය ප්‍රමාණවත් නොවීය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලියම් ප්ලන්කට් කඩුලු 4ක් සහ අදිල් රශීඩ් කඩුලු 3ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියා ඉනිම අඩාල කළේය. ලකුණු 120ක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර මෙම තරගාවලියේ තුන්වැනි තරගය හෙට (19දා) නොටිංග්හැම් හිදී ආරම්භ වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon