සුළු සිද්ධියක් සම්බන්ධයෙන් චීවරය ඉවත් කිරීම ගැන සංඝරත්නයේ විරෝධය පළ කරනවා

  👤  3514 readers have read this article !
By mawbima 2018-06-18

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෑත යුගයේ බිහි වූ ජාතික තලයේ වීරවරයෙක්. කුඩාපොළ හාමුදුරුවෝ, වාරියපොළ සුමංගල, දැවමොට්ටාවේ අමරවංශ, මාදුළුවාවේ සෝභිත වැනි හිමිවරු මෙන්ම ඥානසාර හිමියෝ, ජාතික අරගලවලදී ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සුළු සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ සිරකුටියක් තුළදී චීවරය ඉවත් කිරීම පිළිබඳව සමස්ත මහා සංඝරත්නය දැඩි විරෝධය පළ කරන්නේ යැයි, පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති, පොළොන්නරුව - උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ 'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළහ.

තවදුරටත් අදහස් දැක්වූ උඩගම ධම්මානන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

රටේ ජනතාවට යම්කිසි අසාධාරණයක්, ආගමට ජාතියට කිසියම් හානියක් සිදුවන විට ඒවාට විරුද්ධව රජයට කරුණු ඉදිරිපත් කිරීමට මහා සංඝරත්නයට අයිතියක් තිබෙනවා.
රාජ්‍ය කුමන්ත්‍රණයක් නිසා සිරගත කොට සිටි හේන්පිටගෙදර ඥානසිංහ හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එදා පාලකයන් කටයුතු කළේ නැහැ.

නමුත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම එම හිමියන්ගේ පැවිදි ජීවිතයට හානියක්.

මේ පිළිබඳව පවතින රජයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ක්‍රියා නිසා භික්ෂුන් වහන්සේගේ උපසම්පදාවේ ගෞරවාන්විත භාවයට හානියක් සිදුවන බවද කිව යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon