ප්‍රයිවෙට් හොස්පිටල් වැට් එක මංගල අහෝසි කරයි

  👤  3516 readers have read this article !
By mawbima 2018-06-18

ගන්දර _ නිලූකා හේරත්

පෞද්ගලික රෝහල්වලින් අය කරන වැට් බද්ද මේ සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමරවීර මහතා මේ බව කියා සිටියේ 2017 ගංවතුර හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා පෙරේදා (16දා) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි.
අමාත්‍යවරයා එහිදී මෙසේද කීවේය.

"අද රටේ බදු ප්‍රමාණයෙන් 82%ක්ම ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. ධනවත් අය ගෙවන්නේ 18%ක් පමණයි. ඊට හොඳම උදාහරණය තමයි කෝටි 2ක ජනතාවක් ඉන්න රටේ තවමත් බදු ගොනු තියෙන්නේ ලක්ෂ 4යි."

රෝගීන්ට ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ පෞද්ගලික රෝහල්වලින් නිකුත් කරනු ලබන බිල්පත්වලින් 2016 මැයි මස 1 වැනිදා සිට සියයට 15ක වැට් බද්දක් අය කිරීම ආරම්භ කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon