ආණ්ඩුවෙන් ඉවත් වීම එක රැයකින් කරන්න බෑ -ශ්‍රී ලනිප මහ ලේකම්

  👤  3460 readers have read this article !
By mawbima 2018-06-18

රුචිර දිලාන් මධුසංඛ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කටයුත්ත නිහඬවම සිදුවන බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස 'මව්බිම'ට පැවැසීය.

එය එක රැයකින් සිදුකිරීමට හැකි කාර්යයක් නොවන බවද මහ ලේකම්වරයා කීවේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, එයින් පසු පක්ෂයේ මහා සම්මේලනය කැඳවා සංවිධාන ශක්තිය පෙන්වා ශක්තිමත් කරගත යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

මහ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
"අපි දැන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපේ සංවිධාන ශක්තිය පුළුල් කරගෙන හැකි ඉක්මනින් පක්ෂ මහා සම්මේලනය කැඳවන්න ඕනෑ. හැමෝගෙම අදහස වන්නේ අපි ආණ්ඩුවෙන් ඉවත්වෙලා යන්න ඕනෑ කියන එකයි.

හැබැයි ඉවත් වෙලා අපි මොනවද කරන්නේ. ඒක තවත් ප්‍රශ්නයක්. අපේ ඉවත්වීම කියන්නෙ ප්‍රධාන හතුරා වන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීමයි. ඇයි අපි ඒකට ඉඩ තියන්නේ. අපි ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම ඉවත්වෙනවා. ඒ වැඩේ නිහඬව වෙනවා" යැයිද මහ ලේකම්වරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon