ඥානසාර හිමි ගැන ජනපති හමු වී සාකච්ඡා කරනවා -බුද්ධ ශාසන ඇමැති

  👤  3592 readers have read this article !
By mawbima 2018-06-18

දැනට බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අද (18දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී සාකච්ඡා කරන බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා 'මව්බිම'ට පැවැසීය.

අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරලද ජනාධිපතිවරයා හමුවීමට තමා සමඟ යෑමට නියමිත බව සඳහන් කළ ඇමැතිවරයා අධිකරණ අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සතුටුදායක පියවරක් ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මහනායක හිමිවරුද මේ සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon