කතරගම කිරිවෙහෙර හිමිට වෙඩි තැබූ අවි පෙන්වයි

  👤  892 readers have read this article !
By mawbima 2018-06-18

කතරගම - සන්දිම දේවප්‍රිය හා ඩී.එන්. කලුආරච්චි

කතරගම කිරි වෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවි ඊයේ (17දා) පොලිසිය විසින් මාධ්‍ය වෙත පෙන්වනු ලැබීය.

බෝර 12 තුවක්කුව හා 12 පතරොම් දැමිය හැකි ලෙස නිෂ්පාදනය කළ ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා කඩුවක් මෙම අවි අතර තිබිණි.

මෙම ගිනි අවි සමඟ සැකකරුවන් අද කතරගම පොලිසිය වෙත රැගෙන පැමිණි අතර ඊයේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිතය.

තංගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා විසින් මෙම ගිනි අවි මාධ්‍ය වෙත පෙන්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා හා තංගල්ල අපරාධ අංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon