ඥානසාර හිමි ගැන නිවේදනයක් නිකුත් කිරීමට මහ නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරනවා

  👤  776 readers have read this article !
By mawbima 2018-06-18

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

බොදුබල සේවා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේනදයක් නිකුත් කිරීම සඳහා තෛ්‍රනිකායික මහ නාහිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

බොදුබල සේනා සංවිධානයේ සහ සිංහල රාවය සංවිධානයේ ගිහි පැවිදි පිරිසක් ඊයේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ධම්මානන්ද හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ එසේ පැවැසූහ.

මෙම පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද, රාමඤ්ඤ නිකායේ මහ නාහිමි අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන්ද බැහැ දැක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ මෙසේ කීහ.

බලාපොරොත්තු නොවූ පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවමක් ලැබුණා. මහ නාහිමිවරුන් බැහැදැක අප ඒ ගැන දැනුවත් කර සංඝ සභා මඟින් ගතහැකි පියවරක් ඇති නම් ඒ ගැනත් සාකච්ඡා කළා. ඊට අමතරව අප සංවිධාන ලෙස එක්ව ජේ‍යෂ්ඨ නීතිඥයන් සමඟ සාකච්ඡා කර ඒ නීතිඥයන් මාර්ගයෙන් ඇපෑලක් ඉදිරිපත් කර ඉදිරි කටයුතු කරනවා. ඊට අමතරව මෙරට සිටින සියලුම භික්ෂුන් වහන්සේ ඥානසාර හිමියන්ට බෝධි පූජා පවත්වා නොයෙක් පින්කම් සූදානම් කර තිබෙනවා. නමුත් අප සංවිධානයක් වශයෙන් ජනාධිපතිවරයාගෙන් පොදු සමාවක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද උන් වහන්සේ සිරගත වුණේ තමන්ගේ පෞද්ගලික කාරණයකට නෙවෙයි. මේ රට ජාතිය ගැන හඬ නඟලයි. පොදු සමාවක් දීමට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කරනවා නම් එය එතුමාගේ කටයුත්තක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon