‍ෙදාඩම් - මිදි - මී පැණි - ඉඟුරු සහ කහ රටින් ගේන්න වසරකට මිලියන 4,917ක් යනවා

  👤  3573 readers have read this article !
By mawbima 2018-06-20

අනුරාධා හේරත්

මෙරටට ආවේණික පලතුරක් වූ 'දාඩම්' පිටරටින් ආනයනය කිරීමට පමණක් වසරකට රුපියල් මිලියන 2,566ක් වැය වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. එමෙන්ම ‍ෙදාඩම් ඇතුළු මිදි, මී පැණි, ඉඟුරු සහ කහ යන පලතුරු හා ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේදී වාර්ෂිකව වැය වන මුදල රුපියල් මිලියන 4,917ක් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එපමණක් නොව දේශීය ධාන්‍ය වර්ග වන තල, කුරක්කන් වැනි බෝග වර්ග පවා ලංකාවට ආනයනය කිරීමට විශාල මුදලක් වැය වන බව පවසන අමරවීර මහතා තවදුරටත් ප්‍රකාශ කළේ රටේ කෘෂි ක්ෂේත්‍රය නඟාසිටුවීම උදෙසා ගොවීන්ට නොමිලේ කෘෂි රක්ෂණයක් ලබාදීමට රජය තීරණය කළ බවයි. ඒ සඳහා රජය රුපියල් මිලියන 5,228ක් වෙන් කළ අතර පොහොර සහනාධාරය පැරැණි ක්‍රමයට ලබා දීමටත් මිශ්‍ර පොහොර සාධාරණ මිලට ලබාදීමටත් තීරණය කර ඇති බවද ඔහු කීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ වන සතුන් විසින් සිදු කරන බවබෝග හානිය වැළැක්වීම සඳහා විසඳුමක් ලෙස 'සරුපිරි' ගෙවත්තකට පැළ කට්ටලයක් ලබාදීමද තමා විසින් සිදු කරන ලද බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon