එජාපයේ රැකියා දස ලක්ෂයේ මැවුම්කරුවා වූ අර්ජුන ඉන්න තැන අගමැති දන්නේ නැතිලු

  👤  3668 readers have read this article !
By mawbima 2018-06-20

හර්ෂනී අර්සකුලරත්න

තවමත් එක්සත් ජාතික පක්ෂයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහනේ ව්‍යාපෘති ප්‍රධානියා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බව 'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.

මේ වනතුරුත් එම ධුරය අහෝසි කොට නැති බව පවසන මන්ත්‍රිවරයා අගමැතිවරයා පවසන ආකාරයට ඔහු තම ආණ්ඩුවේ කිසිදු තනතුරක් හෝ ධුරයක් නොදරන හෙයින් ඔහු සිටින කිසිදු ස්ථානයක තොරතුරු තමා නොදන්නා බව කියයි.

මංගල උත්සවයක් සඳහා ඔහු සහභාගි වන බැව් තමා දැන සිටියේ ඔහු එවකට නිලයක් දැරූ නිසා බවත් දැන් එවැනි ධුරයක් නොදරන හෙයින් ඔහු පිළිබඳ තමා නොදන්නා බවත් අගමැතිවරයා පවසා ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහා කළේය.

මන්ත්‍රිවරයා පවසන ආකාරයට රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ව පත්කොට ඇත්තේ ඔහුගේ මහ බැංකු අධිපතිකම අහෝසි වීමත් සමඟය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon