මවුපියන් නැති දරුවන් 765ක් කිලිනොච්චියේ

  👤  3506 readers have read this article !
By mawbima 2018-06-20

මුලතිව් - ශෂිකුමාර්

යුද්ධයෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන් අතර මව හෝ පියා නොමැති දරුවන් 765ක් ජීවත් වන බවට දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාසවල නිලධාරීහු පෙන්වා දෙති. මේ අනුව එම නිලධාරීන් පෙන්වා දෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ මව අහිමි දරුවන් 387 දෙනකුද පියා අහිමි දරුවන් 378 දෙනකුද ජීවත් වන බවය. කෙසේ වෙතත් අදාළ වාර්තා කිලිනොච්චියේ පැවැති 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහනට අනුව ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමු කළ අතරම එම වාර්තාවලට අනුව දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාස හා රැඳවුම් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට ලබා දීමට ක්‍රියා කළ බව ළමා නිවාස භාර නිලධාරීහු කියා සිටියහ. යුද සමයේදී වැඩි වශයෙන් මෙම දරුවන්ට තම පියා හෝ මව අහිමි වී ඇති හෙයින් එම දරුවන්ගේ අනාගතය සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ළමා නිවාස භාර නිලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon