ඉස්සර කරන්න ගොස් ඇනගනී

  👤  3529 readers have read this article !
By mawbima 2018-06-20

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

කල්පිටිය-පාලවිය මාර්ගයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් විදේශ ජාතිකයන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු තුවාල ලබා තිබේ.

පෙරේදා (18දා) පස්රුවේ නොරොච්චෝල ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබේ. මගී බස් රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ධාවනය කර ඇති අතර වෑන් රථයද කල්පිටියේ හෝටලයක සිට කොළඹ දෙසට ධාවනය කරන අතරතුර මේ අනතුර සිදුව තිබේ.

වෑන් රථය බස් රථය ඉස්සර කිරීමට යෑමේදී බස්රථය බස් නැවතුම්පොළේ නැවැත්වීම හේතුවෙන් මේ අනතුර සිදුව තිබේ.

මේ අනතුරින් විදේශික යුවළට බරපතළ තුවාල සිදු වී නොමැත. තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

නොරොච්චෝලේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon