මිරිජ්ජවිල වෙරළේ සැරිසැරූ හැලකිඹුලකු වනජීවියෙන් අල්ලාගනි

  👤  3467 readers have read this article !
By mawbima 2018-06-20

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට මිරිජ්ජවිල වෙරළ තුළ සිටි අඩි 14ක පමණ හැල කිඹුලකු පැය හතරක පමණ මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

මිරිජ්ජවිල මුහුදු වෙරළ තුළ විශාල කිඹුලකු ඉන්නා බවට පසුගිය 18 වැනිදා සවස ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර කිඹුලා අල්ලාගත් බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජය කුමාර මහතා කියා සිටියේ.

එමෙන්ම මෙසේ අල්ලාගත් කිඹුලා පසුව බූන්දල වනෝද්‍යානයේ කළපු ප්‍රදේශයට මුදා හැරි බවද අඩවි ආරක්ෂක විජය කුමාර මහතා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon