වෙළෙඳ හා ආයෝජන ඉඩ ප්‍රස්තා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරනවා

  👤  3450 readers have read this article !
By mawbima 2018-06-20

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් හා රෝහල් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බි්‍රතාන්‍ය වෙළෙඳ හා ආයෝජන ඉඩ ප්‍රස්තා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බි්‍රතාන්‍යයේ වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගේ‍රග් හෑන්ඩ්ස් මහතා ප්‍රකාශ කරයි.

ඉකුත්දා ලන්ඩනයේ සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන ටයිටේනියම් ඩයොක්සයිඩ් නමැති ඛනිජ සම්පත ආශ්‍රිතව ආයෝජන පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවත් ත්‍රිකුණාමලය, මහනුවර, කොළඹ හා හම්බන්තොට යනාදී දිස්ත්‍රික්ක යා කරමින් සැපයුම් කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ හැකියාවද මෙහිදී සොයා බලා තිබේ.

ඊට අමතරව කොග්ගල, ඉරණවිල, දේද්දුව හා වාලච්චේන යන නගර යා කරමින් සංචාරක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය අතරතුර එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් ජයවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී යාපනය හා මන්නාරම අතර ඉදිවන දුම්රිය මාර්ගය, පුනරීන් නව නගරය හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය හා ජපාන ආයෝජන කටයුතු පිළිබඳව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon