ශ්‍රී ලංකා නිලධාරීන්ගෙන් මාධ්‍යට ටොෆියක්

  👤  3415 readers have read this article !
By mawbima 2018-06-20

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අවසානයේ කණ්ඩායම්වල නිලධාරීන් සහ නායකයා හෝ ක්‍රීඩකයන් මාධ්‍ය හමුවකට පැමිණ අදාළ තරගය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සම්ප්‍රදායක් මෙන්ම ඔවුන්ගේ වගකීමක් වුවත් එම කටයුත්ත නිසි ලෙස ඉටුකරන බවක් මෙම ටෙස්ට් තරගාවලිය තුළදී දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ටෙස්ට් තරගයක සෑම දිනක් අවසානයේදීම මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමද කණ්ඩායම් දෙක විසින් සිදුකරන ලද සාමාන්‍ය කටයුත්තක් වුවද මෙම ශ්‍රී ලංකා-කොදෙව් සංචාරය තුළ එම වගකීම හරි හැටි ඉටුකරනා බවක් නොපෙනේ.

ඕනෑම රාජකාරියක් වගකීමෙන් තොරව කරන ක්‍රියා පිළිවෙළක් අනුගමනය කරනා මෙහි අනෙකුත් නිලධාරීන් මෙන් මාධ්‍ය සම්බන්ධ නිලධාරීන්ද තම වගකීම නිසි ලෙස ඉටු නොකරන නිසා සෑම දිනකම අපිට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාගාරය වෙත ගොස් වගකිව යුතු නිලධාරියෙකු හමුවී ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනගැනීමට අවශ්‍ය වෙතැයි සිතන කරුණු පිළිබඳව ප්‍රශ්න අසා තොරතුරු වාර්තා කිරීමටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට ජාත්‍යන්තර මට්ටමෙන් චෝදනාවක් එල්ල වී ඇති මොහොතක රටේ ජනතාවද ඒ පිළිබඳව දැනගැනීමට උනන්දුවෙන් සිටින බව අපි දනී. එම තොරතුරු ලබා දීමද මාධ්‍යවේදීන් ලෙස අපේ වගකීමකි. ඒ නිසාම පෙරේදා ටෙස්ට් තරගය අවසානයේ මෙහි පැමිණ සිටින මාධ්‍යවේදීන් සිවුදෙනා තරගය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට ගොස් කළමනාකරු ගුරුසිංහගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් සමඟ පුහුණුකරු හතුරුසිංහ හා චන්දිමාල් අයි.සී.සී. පරීක්‍ෂණය හමුවට යන බැවින් කතා කිරීමට ඉඩක් නොමැති බවයි. ඒ අනුව උපනායක ලක්මාල් මාධ්‍ය සාකච්ඡාවක් සඳහා අප වෙත යොමු කළද මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ඊට මැදිහත්වූ පුහුණුකරු තිලාන් සමරවීර කණ්ඩායම් රැස්වීමක් සඳහා යැයි පවසමින් ලක්මාල් කැඳවා ගෙන ගියේය. එකී රැස්වීම කණ්ඩායමේ යහපතට පැවැත්වූ එකක් වන්නට ඉඩ ඇතත් එම කැඳවීමේ ක්‍රියාව ජාත්‍යන්තර මට්ටමට නොගැළපෙන තරම්ය. නමුත් ලක්මාල් නැවත එනවා කියා ගියද අප හමුවට යළිත් පැමිණියේද නැත. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෑතකදී මෙවන් ප්‍රශ්නයකට මුහුණ දුන් අවස්ථාවේ ඔවුන්ගේ කළමනාකරුවන් හා පුහුණුකරුවන් මාධ්‍යට මුහුණ දුන් අයුරුද අපේ මහත්වරුන්ට මේ මොහොතේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon