යහපාලන රොටිය දැන් කබලෙන් ළිපට වැටිලා

  👤  3426 readers have read this article !
By mawbima 2018-06-20

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයට පත්වෙලා සියලුම ව්‍යාපෘති කඩා වැටිලා.

රජයේ සේවකයන්ට ලැබෙන වැටුපෙන් ඒ මාසේ ගත කරන්නට බැරි තත්ත්වයට පත්වෙලා. කුලීකරුවන්ට, කම්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට, අද ජීවිතය ඉදිරියට අරගෙන යන්නට බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා විතරක් නෙවෙයි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් රුපියලේ අගය පහළ යෑම නිසා ඒ අයගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යන්නට බැරි තත්ත්වයට අද පත්වෙලා. සම්පූර්ණයෙන්ම සියල්ල අද කඩා වැටෙන තත්ත්වයට පත්වෙලා තියෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම කියා සිටී.
අමුණුගම මහතා එසේ කියා සිටියේ මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.

අද පනවලා තිබෙන බදු බරත් එක්ක ව්‍යාපාරිකයන්ට ඉදිරියට ගමන් කරන්නට විදියක් නෑ. බැංකුවලින් කුඩා දරුවන්ගෙ ගිණුම් පවා සූරාකමින් සිටිනවා. මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනවා. පෞද්ගලික මූල්‍ය සමාගම් කඩාගෙන වැටිලා ඒ ගනුදෙනුකරුවන් අද මහ පාරට වැටිලා. මේවා කිසිදෙයක් පිළිබඳව රජය අවධානය යොමු කරන්නෙ නෑ. සුපුරුදු පරිදි ගොඩනැඟිලි ගන්නවා. බෙන්ස්, ඕර්එ ගෙන්නනවා. සැප විඳිනවා. අපිට පේනවා වංචාව හා දූෂණය නැති කරන්නට ආපු යහපාලන රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරු අපිට දිගින් දිගටම චෝදනා කෙරුවා නොයකුත් දූෂණ හා වංචාවලට සම්බන්ධයි කියා. නොයකුත් අය ජ්ඛ්ධ්ච් එකට ගෙනියනවා. හැබැයි අද මේ වන විට ඒ දූෂිත ආයතන ප්‍රධානීන්ගේ මුදල් අරගෙන ඒ මුදල් පින් තකා දෙන්නත් සමහර ඇමැතිවරු කතා කරනවා. මම දන්නෙ නෑ බැඳුම්කර වංචාවට සම්බන්ධ අයගෙන් මුදල් අරගෙන අද ලැජ්ජා නැතිව පින් තකා ආපසු දීලා කොයිතරම් පින් ලබාගන්නට පුළුවන්ද කියලා.

දූෂණය නැති කරන්න ආපු ඇමැතිවරු, මන්ත්‍රිවරු නාමල් මන්ත්‍රිතුමන්ලගෙ රත්රන් අස්සයෝ, ලැම්බෝගිනි පිළිබඳව, ඒ තුන්දෙනාට තිබිච්ච හෙලිකොප්ටර් තුනක් පිළිබඳව ඒ අයගෙ සුඛෝපභෝගී නිවාස පිළිබඳව බොහොම වේගයෙන් කතා කරපු අය අද කියන්නත් ලැජ්ජයි මොනවාද කරන්නෙ කියලා.

ජනාධිපතිතුමා කියන්නෙ මොනවද කියන එක අපිට අද පැහැදිලි අදහසක් නෑ. මේ රටේ මිනිස්සුන්ටත් අදහසක් නෑ. මීට මාසයකට කලින් කියපු එක නෙවෙයි එතුමා කියන්නේ තව මාස හයක් හතක් ගතවුණාට පස්සේ. අගමැතිවරයා මුනිවත රකිනවා. මේවාට පිළිතුරු දෙන්නෙ නෑ. අපිට පේනවා ඒ අතරේ සීතල යුද්ධයක් යන බවක්.

අද ජනතාව දිහා බලන්නට කාටවත් කාලයක් ඇත්තේ නෑ. මොකද ඒ අයගෙ අතරේ තියෙන සටන් ඒ අය කරගෙන යනවා. ඒ අය පොහොසත් වෙමින් ඉන්නවා. ආණ්ඩුවේ තියෙන ගැටුම් විසඳන්නට කාලය වැය වෙනවා. හැබැයි ව්‍යාපාරිකයන්, රජයේ සේවකයන්, මධ්‍යම පාන්තික ජනතාව, කම්කරුවන් සියලුදෙනා අද කබලෙන් ළිපට වැටිච්ච තත්ත්වයට පත්වෙලා. ජනාධිපතිතුමා රොටිය ගැන කතා කරනවා. අපිට කියන්නට තියෙන්නේ දැන් රොටිය කබලෙන් ළිපට වැටිලා කියලයි.

ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කල් තබපු පළාත් සභා මැතිවරණ වහාම පවත්වන ලෙසත් ජනතාවගේ ජීවන වියදම අඩු කරන ලෙසත්, බදු බර ඉවත් කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් අද හෙටම පටන් ගන්නට අපි සූදානම්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon