ඇලෝසියස්ගේ අරක්කු විකුණන මන්ත්‍රිවරුත් ඉන්නවා

  👤  3642 readers have read this article !
By mawbima 2018-06-20

මා ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළා. අපි ඒ දවස්වල ආයතනවලට පැන්නා. වැරැදිකරුවන් ඇල්ලුවා. ඒ නිසා මේ කාරක සභාවට විශාල බලයක් තිබෙනවා.

වත්මන් කෝප් කමිටුව ගැන මේ රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. ජනතාවගේ මුදල්වලට වගකියන්නේ පාර්ලිමේන්තුවයි. මුදල් අධීක්ෂණය සඳහා පවතින කාරක සභා දෙකෙන් කෝප් කාරක සභාවේදී එහි සාමාජිකයන් වූ එජාප මන්ත්‍රිවරුන් ක්‍රියා කළේ කොහොමද? කෝප් කමිටුවේදී විගණකාධිපතිවරයාට තර්ජනය කළා. මහ බැංකු අධිපතිවරයා කමිටුවට කැඳවීමට නතර කිරීමට ආණ්ඩුව ක්‍රියා කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රින් දෙදෙනකු මහ බැංකු වංචාවේ චූදිතයන්ගෙන් මුදල් අරගත් බව පිළිගත්තා. මා නම් කියන්නේ නැහැ තවත් මන්ත්‍රිවරුන් පස් දෙනකුගේ නම් හෙට අනිද්දා එළියට එනවා. කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන නැත්නම් දිවුරුම් ප්‍රකාශ දෙන්නැයි අප කීවා. මා සමඟ ජයන්ත සමරවීර මන්ත්‍රිතුමා පමණයි දිවුරුම් ප්‍රකාශ දුන්නේ.
මෙන්ඩිස් අරක්කු සමාගමේ දිස්ත්‍රික් නියෝජිතකම් ලබාගත් වයඹ හා සබරගමුවේ මන්ත්‍රිවරුන් ඉන්නවා.

ඊයේ පෙරේදා මහ ලොකුවට නියෝජ්‍ය ඇමැතිකම් ගත්තා.

රවි කරුණානායක මන්ත්‍රිතුමාට විරුද්ධව චෝදනා නැඟුණා. ඒ ගැන රවිට විරුද්ධව අද වනතුරු අධි චෝදනා දුන්නාද? ජ්ඛ්ධ්ච් ගෙන්වා කට උත්තර ගත්තද?

කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ මස්සිනා ....මාරු කළේ. විගණකාධිපතිවරයාට තර්ජනය කළා. පාර්ලිමේන්තුවේ ෆුට්නෝට් දැමූ මන්ත්‍රිවරයා වත්කම් හෙළි කරන ලෙස අපි අල්ලස් කොමිසමට පැමිණිලි කළා. එක් අයකුවත් කැඳෙව්වාද? බිලියන 131ක් ආණ්ඩුවේ ඇමැතිවරුන් මහ දවල් හොරකම් කළ බවට අප පැමිණිලි කළා. අවුරුදු එකහමාරක් ගියා තවම කැඳවා නැහැ. කෝ නීතිය; නීතිය විපක්ෂයේ අපට පමණද?

මහ දවල් කොල්ල කනවා ඒ අයට කෝ නීතිය ක්‍රියාත්මක වෙනවාද?

ලොකුම මූල්‍ය වංචාව ගැන කෝප් කමිටුව පරීක්ෂා කරන විට එජාප මන්ත්‍රිවරුන් අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කරනවා. පසුගිය මැතිවරණයේදී තරග කළ එජාප අපේක්ෂකයන්ට පක්ෂයේ මහ ලේකම් ලක්ෂ ගණන් සල්ලි දුන්නා. පාර්ලිමේන්තුවේ අරක්කු බෙදන මන්ත්‍රිවරුන් ඉන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon