චිත්‍රපට සංස්ථාව කොන්ද කෙළින් කර ගනී

  👤  3573 readers have read this article !
By mawbima 2018-06-20

තිළිණි කෞශල්‍යා විජේසිංහ

චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළිත් ජාතික චිත්‍රපට සංස්ථාව යටතට ගැනීමට කටයුතු කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා පවසයි.
ජාතික චිත්‍රපට සංස්ථාව, සියලු චිත්‍රපට ශාලා, ධාරාවන් තුනකට වර්ගීකරණය කර දැනට පෝලිමේ තිබෙන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සැරසෙන බව එතුමා පැවැසීය.

මෙය සිදු කරන්නේ 1971 පනත අනුව ජාතික චිත්‍රපට සංස්ථාවට තිබූ බලතල නැවත ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් වශයෙනි.

පෞද්ගලික සමාගම් මඟින් චිත්‍රපට බෙදා හැරීමේදී සිනමා ශාලා හිමියන්ට, අධ්‍යක්ෂවරුන්ට හා නිෂ්පාදකවරුන්ට අසාධාරණයක් සිදු වූ බවත් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ක්‍රමවේදය මඟින් සිනමා ශාලා හිමියන්ටත් චිත්‍රපට ප්‍රදර්ශනයටත් සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පැවැසීය.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීමද ලැබී තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ඊයේ (19දා) ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon