යුද්ධයෙන් පීඩාවට පත් ළමයින් ගැන සොයන්න ප්‍රංශ දූත පිරිසක් ඇවිත්

  👤  3477 readers have read this article !
By mawbima 2018-06-21

මුලතිව් - ශෂි කුමාර්

යුද්ධයෙන් පීඩාවට පත් ළමයින් හා වැඩිහිටියන් ජීවත්වන උතුරු, නැඟෙනහිර ළමා නිවාස සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සිදු කරන ප්‍රංශ ජාතික දූත පිරිසක් වවුනියාව ශිවන් වැඩිහිටි නිවාසයේ සංචාරයක නිරත විණි.

ප්‍රංශයේ ක්‍රියාකාරීව පවතින අයි.ඕ.එස්.එෆ්. නමැති මානව හිතවාදී සංවිධානයක නියෝජිතයෝ පිරිසක් එලෙස උතුරු නැඟෙනහිර ළමයින් හා වැඩිහිටියන් සම්බන්ධයෙන් විමර්ශනයට එක්ව සිටියහ.

විමර්ශනය වෙනුවෙන් ප්‍රංශයේ සිට පැමිණි ප්‍රංශ යුවතියෝ පිරිසක් හින්දු සාම්ප්‍රදායික සාරියකින් සැරසී අදාළ විමර්ශන කටයුත්ත වෙනුවෙන් එක්ව සිටීම විශේෂත්වයක් විය.
හින්දු සම්ප්‍රදාය අනුව ඇඳුම් ඇඳීමට හේතුව කුමක්දැයි අදාළ පිරිසගෙන් විමසීමේදී ප්‍රංශ යුවතියන් පැවැසුවේ දමිළ සාම්ප්‍රදායික ක්‍රමයට සැරැසී දමිළ වැඩිහිටි ජනතාව වෙත පිවිසීමේදී අදාළ පිරිස වඩාත් සමීපව සිය අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දැක්වූ බැවින් දමිළ සාම්ප්‍රදායික සාරිය ඇඳගෙන විමර්ශනයට එක්වූ බවයි.

විමර්ශනයට එක්වූ කණ්ඩායම වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හිදීද විමර්ශනය සිදුකිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon