සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සටනට සැරැසෙයි

  👤  3461 readers have read this article !
By mawbima 2018-06-21

අනුරාධා හේරත්

ලංගම සේවකයන්ගේ වැටුපට එල්ලා ඇති රුපියල් 10,000 දීමනාව තවදුරටත් මූලික වැටුපට එක් කිරීමට කටයුතු නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවැසුවේ ලංගම සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පොලඹවන්නේ නැතිව වහාම එම රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවය.

මේ පිළිබඳ දැනුම්දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ බවද ලියනගේ මහතා "මව්බිම"ට පැවැසීය.

ඔහු පැවැසුවේ ලංගමය හැර සියලුම රජයේ සේවකයන්ට මේ වනවිට මේ රුපියල් 10,000 දීමනා මුදලින් රුපියල් 7,500ක මුදලක් මූලික වැටුපට එකතු කර ඇති අතර ඊට අමතරව අනෙකුත් සියලුම ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ගේ මාසික වේතනයෙන් අදාළ රුපියල් 10,000 දීමනාවෙන් අර්ථ සාධක අරමුදලට අය කරගන්නා බවත් එම අයිතිය ලංගම සේවකයන්ට මෙතෙක් ලබාදී නොමැති බවත්ය.

වැටුපට එල්ලා ඇති රුපියල් 10,000න් අර්ථ සාධක අරමුදලට මුදල් අය කර නොගැනීම නිසා ලංගම සේවකයකුට මසකට රුපියල් 2000කට අධික මුදලක් එම අරමුදලට එකතු නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon