පොළොව හෑරූ සෙබළුන් තිදෙනකු අත්අඩංගුවට

  👤  3796 readers have read this article !
By mawbima 2018-06-22

මුලතිව් - ශෂිකුමාර්

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ නිසිඅවසරයක් නොමැතිව පොළොව හාරමින් සිටි ගුවන් හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (20දා) මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි විශාල ගසක් මුල අදාළ ගුවන් හමුදා සෙබළුන් පිරිස විසින් පොළොව හාරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වළ දමන ලද යුද උපකරණ සොයා ගැනීමක් සිදුකරන බවයි.

නමුත් එම ස්ථානයේ පොලිස් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් ඒ බව මුලතිව් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනා නිසි අවසරයකින් තොරව එම ස්ථානයේ කැණීම් සිදුකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇත.

අත්අඩංගුවට ගත් සෙබළුන් පොලිසියට පවසා ඇත්තේ අදාළ ස්ථානයේ යුද උපකරණ තොගයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවයි. නමුත් එසේ පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බැවින් ඒ බව දන්වා අදාළ සෙබළුන් තිදෙනා අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරීක්ෂණ සිදුකරන මුලතිව් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon