සමස්ත ලංකා සහාය දිවීමේ ශූරතාවලිය 24දා සිට දින 3ක් බදුල්ලේදී

  👤  3803 readers have read this article !
By mawbima 2018-06-22

විචිත්‍ර වීරසිංහ

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ උෟව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතා තරගාවලිය ජුනි 24දා සිට 26දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

වයස අවුරුදු 12න්, 14න්, 16න්, 18න් හා 20න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 7800ක් පමණ (ක්‍රීඩකයන් 4200ක් හා ක්‍රීඩිකාවන් 3600ක්) සහභාගි වීමට නියමිතව ඇති බවද මෙයට අදාළව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික පුහුණු අධ්‍යක්‍ෂ මංජුල කාරියවසම්, එම අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන නෝමන් කන්නන්ගර හා බන්දුල එගොඩගේ හා එම සමාගමේ ලාංඡන කළමනාකරු සජීව වික්‍රමසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon