නීතියේ ලිහිල් බව නැති කිරීමට නව නීති පැනවිය යුතුයි - කථිකාචාර්ය කොග්ගල්ලේ විජිත හිමි

  👤  3976 readers have read this article !
By mawbima 2018-06-25

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

දරුණු එල්ටීටීඊ යුද සමයේදීවත් වෙඩි තැබීම් සිදු නොවුණු කතරගම, සිංහල බෞද්ධයකු විසින් කතරගම කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තැබීම ඉතා නින්දිත ම්ලේච්ඡ ක්‍රියාවක් යැයි කතරගම ශ්‍රී අභිනවාරාමයේ උප විහාරාධිපති රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සහ මනෝ විද්‍යා උපදේශක දර්ශනපති කොග්ගල්ලේ විජිත හිමියෝ ප්‍රකාශ කරති. කිරිවෙහෙර අධිපති ශාස්ත්‍රවේදී ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරය සමස්ත ශ්‍රී ලාංකික මහා සඟරුවනටම එල්ල කළ වෙඩි ප්‍රහාරයක් බවත් මෙම වෙඩි තැබීම මහ සඟරුවන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවත් කොග්ගල්ලේ විජිත හිමියෝ පැවැසූහ. මෙවැනි පහත් ක්‍රියා සිදුවීම මුලිනුපුටා දැමිය යුතු අතර රජය මේ කෙරේ අවධානය යොමු කොට ඉදිරියේදී මෙවැනි සාහසික ක්‍රියා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දැමීමේ අවශ්‍යතාවක් ඇති බවද උන්වහන්සේ අවධාරණය කළහ. මත් උවදුර රටින් බැහැර කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා ප්‍රශංසනීය වන අතර සාහසික ක්‍රියා සඳහා දැනට ඇති නීතිවල ලිහිල් බවක් පවතින බැවින් මෙය නැති කොට නව නීති පැනවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විජිත හිමියෝ සාමකාමී ශ්‍රී ලංකාවක් මතු පරපුරට උරුමකර දිය යුතු බවද අවධාරණය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon