කොස්ගොඩ තාරක හා අනෙක් සැකකරු ජූලි 02දා දක්වා රිමාන්ඩ්

  👤  4260 readers have read this article !
By mawbima 2018-06-25

මාපලගම -රසික සෙනවිරත්න,
ඉමදුව - ටී. විතානසවසම්

මාතර ස්වර්ණාභරණ වෙළෙඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු ඊයේ (24දා) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි පොලිස් රැකවල් මැද අඟුªණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

මෙකී සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු රෝහලින් නිදහස් කොට තිබූ අතර ගාල්ල බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයකට නංවාගෙන සැකකරුවන් දෙදෙනා රැගෙන යනු ලැබීය. සැකකරුවන් රැගෙන යන අවස්ථාවේ රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.

මෙසේ රැගෙන යනු ලැබුවේ කොස්ගොඩ තාරක නොහොත් ධර්ම කීර්ති තාරක පෙරේරා (30) හා අතුල කිත්සිරි (28) නමැති සැකකරුවන් දෙදෙනාය. බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ සැකකරුවන් දෙදෙනා රැගෙන යනු ලැබීය.

කොස්ගොඩ තාරක නමැත්තාගේ සහෝදරයා වන මධුක නිර්මාල පෙරේරා (25) තවදුරටත් කාරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම සැකකරුවන් තිදෙනා ජූලි මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා ඊයේ (24දා) නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon