ලූල්කඳුර අපර්ගෝනාවේ වතු නිවාස නාය යෑමක්

  👤  3964 readers have read this article !
By mawbima 2018-06-25

හන්තාන - චමින්ද කුමාර

පසුගිය සිකුරාදා (22දා) උදෑසන ලූල්කඳුර අපර්ගෝනාව ප්‍රදේශයේ පිහිටි වතු කම්කරු නිවාස පේළියක තිබූ නිවාස කිහිපයක බිත්ති එක්වරම පුපුරා කඩාවැටී ඇති අතර වහලවල්ද කැඩී ගොස් ඇත.

මෙම වතු නිවාස පේළියේ නිවාස විසි හතරක පවුල් විසි අටක් පමණ ජීවත් වේ. එදින උදෑසන හතහමාරට පමණ නිවාසවල බිත්ති එකවරම කැඩී වැටී ඇත. දරුවන් පාසල් ගොස් සිට ඇති අතර තමන්ද ඒ වනවිට නිවාස තුළ නොසිටි නිසා කිසිවකුටත් අනතුරක් සිදු නොවුණු බව නිවැසියන් ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් නිවාසවල පදිංචිකරුවන් හට වතු අධිකාරීන් විසින් වෙනත් ස්ථානයක පහසුකම් සලසා ඇත.

මෙම ප්‍රදේශය නාය යෑමේ අවදානමක් තිබෙන බවට දෙදහස් දහසය වසරේදී ප්‍රකාශයට පත්කොට තිබේ. එබැවින් මෙහි පදිංචිකරුවන්ට වෙනත් ඉඩම් ලබාදී මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණද ඔවුන් එම ඉඩම්වලට යෑමට අකැමැති බව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon