නුගගහලන්දේ කසිප්පු ස්කාගාරය වටලයි: 2ක් දැලේ

  👤  3983 readers have read this article !
By mawbima 2018-06-25

බුලත්සිංහල-ප්‍රභාන්

වැලිපැන්න, නුගගහලන්ද ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ස්කාගාරය වටලා කසිප්පු ස්පී්‍රතු මිලිලීටර් හැටහත්දහස් පන්සියයක් සහ ගෝඩා මිලිලීටර් නවලක්ෂයක් අඩංගු බැරල් 5, තඹ දඟර, ගෑස් ළිප් සමඟ සැකකරුවන් දෙදෙනකු 20 වැනිදා වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මහා පරිමාණයෙන් නුගගහලන්ද වගුරු බිම් තීරයේ ඇළ මාර්ගයක මෙම කසිප්පු තිප්පොළ පවත්වාගෙන යන බවට ප්‍රදේශවාසීන් පොලිසියට තොරතුරු ලබා දී ඇත.
එම ස්ථානය වැටලූ පොලිස් නිලධාරීන් එහි තිබී කසිප්පු ස්පී්‍රතු මිලිලීටර් 67,500ක් අඩංගු බූලි 2ක්, කසිප්පු පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා මිලිලීටර් 9,00,000ක් අඩංගු බැරල් 5ක් සමඟ කසිප්පු පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ මතුගම සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහත්වරුන්ගේ උපදෙස් අනුව වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රි මහතාගේ මෙහෙයැවීමෙන් උප පොලිස් පරීක්ෂක ගුණතිලක, පොලිස් සැරයන් උදයසිරි (55314), පො.කොස්තාපල් මධුරංග (82451), සිවිල් ආරක්ෂක සෙබළ ධනුෂ්ක (77644) ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon